Friday, July 3, 2009

1.නායකත්ව මූලධර්ම

නායකත්වය යනු පොදු අරමුණක් ඉටු කර ගැනීම සදහා මිනිසුන් සමූහයක් මෙ‍හෙයවීමයි.මේ ආකාරයට යම් මිනිසුන් සමුහයක් පොදු අරමුණක් කරා සාර්ථකව මුහුණ දීමට එහි නායකත්වය දරන්නා තුල විවිධ ගුණාංග රාශියක් තිබිය යුතුය. මෙම ගුණාංග නායකත්ව මූලධර්ම වශයෙන් හදුන්වනු ලබයි.මෙම ගුණාංග කිහිපයක් පහත පරිදි වේ.

1. තමාට කිරිමට තිබෙන කාර්යයන් පිළිබදව මනා දැනුමක් මෙන්ම ඒවා කලයුතු ආකාරය පිළිබද නිවැරදි පුළුල් අවබෝධයක් හා තම කාර්යය කාර්යක්ෂමව මෙහයවීමට මනා හැකියාවක් තිබිම.
2. තමාගේ හැකියාවන් හා දුර්වල තාවයන් මොනවාදැයි නිවැරදිව හදුනාගෙන එම දුර්වල තාවයන් නිවැරදි කොට තම හැකියාවන් තමා විසින්ම දියුණුකර ගැනීමේ හැකියාවක් තිබිම.
3. තම කණ්ඩායම පිළිබදව නිවැරදි අවබෝධයක් ලබා ගැනීම තුලින් ඔවුන්ගේ ව්ශ්වාසනීයත්වය ගෞරවය හා පාක්ෂිකභාවය ඇතිවන ආකාරයට සුභසාධන කටයුතු සොයා බලා නිසි වේලාවට ඉටුකර ලීම.
4. පවත්න තත්වය තුල තම කණ්ඩායමේ වගනීම හා තල යුතු කාර්යයන් මොනවාද යන්න පිළිබදව නිවැරදිව චිත්ත ධෛර්ය වැඩිවන ආකාරයෙන් දැනුවත් කර ඔවුන් තුල තිබෙන දුර්වලතාවයන්ද පෙන්වා නිවැරදි කර දීමේ හැකියාවක් තිබීම.
5. තම කණ්ඩායමෙහි සමාජිකයින් තමා අනුගමනය කරන හෝ නිදසුනක් ලෙස ගෙන කියාකරන බැවින් එම අවස්ථාවේ වැරැද්දක් නොවන ආකාරයෙන් තමා නිදසුනක් ලෙස ගැනීමට හැකි පෞර්ෂත්වයක් ගොඩනගා ගැනිම.
6. පොදු අරමුණක් කරා යාමේදී එය කාර්යක්ෂමව සාර්ථක කරගෙන යාමට කණ්ඩායමක් ලෙස කියා කිරීම මූලික අවශ්යඅතාවයක් වන බැවින් තම පිරිස කණ්ඩායමක් ලෙස කටයුතු කිරිමට පුහුණු කර ගැනීමේ හැකියාවක් තිබිම.
7. තමාට ලැබි තිබෙන වගකීම් මොනවාද යන්න නිසි ආකාරව දැන ඒවා කියාත්මක කිරීමේ වගකීමද තමා වෙත ලබා ගැනීම තුලින් ඒවායින් බෙදාදියහැකි වගකීම් බෙදා දිමෙන් එම වගකීම් නිසිලෙස ඉටුකරන්නේද යන්න පිළිබදව ද අධික්ෂණය කර එමගින් ඇතිවන කුමන හෝ වගකීමක් නොපැකිලිව භාර ගැනීමෙන් තමාගේ වෘත්තීමය හැකියාව දියුණු කර ගැනීමේ හැකියාවක් තීබීම.
8. තම කණ්ඩායම පවතින තත්වය තුල කෂණිකවුත් ප්රායයෝගිකවුත් බුද්ධිමත්වුත් අධීක්ෂනය කල හැකි වූත් තිරණයක් ගෙන එය තම සමාජිකයින්ට නිවැරදි ලෙස වැරදි අවබෝධයක් නොවන ආකාරයෙන් අවබෝධකර දීම තුලින් තමා පැවරූ රාජකාරින් නිසි ලෙස ඉටුවනවාද යන්න පිළිබදව නිරන්තරව සොයා බැලීමෙන් සමාජිකයින් උනන්දු කරවීමේ හැකියාව.

2 comments:

  1. ඔබේ අදහස් ඉතා අගනෙයි. සිහල බසින් මෙවැන්නක් ලිඅවී ඇත්තේ කලාතුරකින්ය. නායකත්වය පිළිබඳව බුදුන්ගේ අදහස් සියලුම බටහිර චින්තනයන් අභිබවා යයි. පර්යේෂණය කර බලන්න. පල්ලියගුරු

    ReplyDelete