Wednesday, October 7, 2009

8. සන්නිවේදන හැකියාව

නායකයෙකු තම කණ්ඩයෙම සාර්ථකව මෙහෙයවීමේ දී තම කණ්ඩායම සමග අදහස් හැගීම් හා තොරතුරු හුවමාරු කර ගැනීම ඉතා වැදගත්වේ.මෙසේ අදහස් අදහස් හැගීම් හා තොරතුරු හුවමාරු කර ගැනීම සංනිවේදනය වශවෙන් හැදින්වේ.
තම කණ්ඩායම මෙහෙයවීමේදී වාචික සන්නිවේදනය ඉතා වැදගත්වේ. නායකත්වයට තම කාලයෙන් 65% -75% ක් පමණ තම කණ්ඩායමට කථා කිරීමට සිදුවන බව පරීක්ෂණ වලින් සොයාගෙන ඇත. වාචික සන්නිවේදනයේදී කථා කිරීම හා ඇහුම්කම් දීම ඉතා වැදගත්වේ.
නායකයකු තම පණිවිඩය වාචිකව ඉදිරිපත් කිරීමේදී පහත සඳහන් කරුණුවලට අවධානය යෙමු කිරීමේන් එය සාර්ථකව සන්නිවේදනය කල හැක.
1. කථා කිරීමට අපේක්ෂා කරන දෙය පිළිබඳව මුලින්ම සිතා බැලීම හා එය සඳහා අවශ්යඑ තොරතුරු රැස්කරගැනීම.
2. කථාකිරීමේදී තම අනුගාමිකයින් වෙත අවධානය යොමුකර එමඟින් ඔවුන්ගේ ප්රයතිචාරය ලබා ගැනීමේ හැකියාව.
3. තම පණිවිඩයදීමට බලාපොරොත්තු වන සමූහයේ දැනුමට අනුකූලව හා ප්රගමාණයට අනුව සත්යල ප්රකකාශ කිරීම.

Monday, October 5, 2009

7.මානව සම්බන්ධතා

නායකත්ව කළමණාකරනයේදී මූලික මානව ගති ලක්ෂණ කෙරෙහි අවධානය යෙමුකොට ඒවා අධ්‍යනය කර ඔවුන් හා විවිධ අවස්ථාවල එක්ව හැසිරීමේ ක්‍රියාවලිය මානව සම්බන්ධතාවයයි.මෙය වැඩිදුර අධ්‍යනය කිරීමේදී අප ඉතා සැලකිලිමත් විය යුතු මූලික කරුණු කිහිපයක් ඇත.
එනම්‍‍’
1. මිනිසුන්ගේ මූලික ගති ලක්ෂණ හදුනා ගැනීම.
2. මිනිස් සම්බන්ධතා පිළිබඳව දැනගැනීම.
3. මිනිසුන්ගේ විවිධත්වයන් අවබෝධකර ගැනීම.
4. මිනිසුන්ගේ අවශ්‍යතා (ප්‍රාථමික / ද්විතීයික) පිළිබඳ දැනගැනීම.
5. මිනිසුන් අභිප්‍රේරණය කළහැකි විධි දැන ගැනීම.
6. නායකත්වයට ප්‍රවිශ්ට විය යුතු ආකාරය දැන ගැනීම.

ඉහත කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් මානව සම්බන්ධතා පැවැත්වීමෙන් සාර්ථක මානව සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට හැකිවේ.
තම අරමුණු සාර්ථක කර ගැනීමට හැකි වන අතර චිත්ත ධෛර්යය නොමැති පුද්ගලයාට අපහසු වේ.මෙහිදි අදිෂ්ඨාන ශීලිබව,නිර්භිතබව හා ඥාණාන්විතබව ඉතා වැදගත්වේ.

උසස් චිත්ත ධෛර්යයක් ඇති පුද්ගලයා තුල ගුණාංග කිහිපයක් දැකීමට පුලුවන.ඒවා පහත පරිදි වේ.
1. උද්යෝගීබව
2. විනයගරුකබව
3. ආත්ම විශ්වාසය
4. සෑහීමකට පත්වීම

මේ ආකාරයට කාර්යන් වල නිරතවීමෙන් චිත්ත ධෛර්යය මනාව ගොඩනගා ගත හැක.

Wednesday, July 8, 2009

6.එලදායිතාවය.

ඵලදායිතාවය යනුවෙන් අදහස් කරනු‍යේ අවම සම්පත් ප්රාමාණයකින් අවම කාලයක් තුල නිෂ්පාිදනයක් ලබා ගැනීමයි.එනම් අඩු සම්පත් ප්රඅමාණයක් යම් නිෂ්පාදන කාර්යයක යොදාගෙන අවම කාලයක් තුල උපරිම භාණ්ඩ ප්රෙමාණයක් නිෂ්පාදනය කිරීමයි.
අවම සම්පත් ප්රරමාණයකින් උපරිම නිෂ්පාදනයක් ලබා ගැනීමට යාමේදී කාර්යක්ෂමතාවය යන්න ඉතා වැදගත්වේ.මන්ද අවම සම්පත් ප්රිමාණයකින් කෙටි කාලයක් තුල උපරිම නිෂ්පාදනයක් කිරීමට නම් එය ඉතා කාර්යක්ෂමව කල යුතු බැවිනි.භෞතික සම්පත් වල පවතින හිගතාවයත් කාලය ක්ෂණයකින් ක්ෂය වන සම්පතක් වන බැවින් මානව සම්පත් වල පවතින හිගතාවයත් නිසා නිෂ්පාදන කාර්යයේදී මෙම සම්පත් වලින් කෙරෙන නිෂ්පාදනයන් උපරිම කිරිමට නම් කාර්යක්ෂමතාවය උපයෝගී කරගත යුතුය.

කාර්යක්ෂමතාවය උපයෝගීකරගෙන නිෂ්පාදනයන් උපරිමකිරීමට නම් එයට සරිලන නිෂ්පාදන කාර්යයට ගැලපෙන සුදුසු පරිසරයක් තිබිය යුතුයි. එනම්, හිඟ සම්පත්වල සෑම කොටසක්ම ක්ෂණයකින් නිෂ්පාදන කාර්යයට යොදාගත හැකි පරිසරයක් ගොඩනගාගත යුතුය.
මේ සඳහා ජපන් ජාතිකයින්ගේ සංකල්පයක්වන S5 යන සංකල්පය උපයෝගීකරගත හැක.මෙම න්යාකය ජපන ජාතිකයින් අතර ඉතා ප්රනචලිත. එසේම එය ඔවුන්ගේ ආර්ථික, සංස්කෘතික, තාක්ෂණික දියුණුවට විශාල ලෙස ගලපා ඇත. එම න්යා්ය නම්,

01 SEIRI (CLEARING) ඔබට අවශ්යව දේ අනවශ්ය් දේ හදුනාලගන අනවශ්ය දේ ඉවත් කිරීම.
02 SEITON (ORGNIZING) ඔබ තෝරාගත් අවශ්යඅ දෙය නියමිත ස්ථානයේ පිළිවෙලට තබන්න.
03 SEISO (STANDARDIZIG) ඔබ ඔබගේ භාණ්ඩ හා සේවා ස්ථානය පවිත්රෙව තබා ගන්න.
04 SEIRESO (STANDARDIZIG) ඉහත කරැණු අඛණ්ඩව පවත්වා ලගන යන්න.
05 SHITSUKE (TRAINING & DISCIPLINE) ඉහත පිළිවෙලවල් ස්වාධිනව කරමින් සහ ඒවායේ නව අංග එකතු කරමින් එය ඔබගේ සංස්කෘතිය කර ගන්න.

මෙම න්යා ය දෛනිකව අප කරනු පබන කාර්යයන් වලට යොදාගැනීමෙන් අපහටද මෙම කාර්යයන් ප්‍ නයෝජනවත් වන ආකාරයට සහ ඉතා ඉක්මණට කිරීමට හැකියාව ලැබේ.එනම්’ අප කරනු ලබන කාර්යන් වලින් ‍සාර්ථක ප්රරගතියක් ළගාකර ගැනීමට හැකිවේ.

5.චිත්ත ධෛර්යය ගොඩනැගීම.

ච්ත්ත ධෛර්යය යනුවෙන් දැක්වෙන්නේ තම අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් අධිෂ්ඨානශිලීව ඔනෑම අපහසු තාවයක් විද දරා ගැනීමයි.එනම් එම අවශ්යුතාවයන් ඉටු කර ගැනීමට යාමේදි හමුවන විවිධ බාධක අපහසුතා කරදර වේදනා විදදරා තම අරමුණ විජයග්ර හනය කරා මෙහය වීමයි.චිත්ත ධෛර්ය පියවි ලෝකයට නොපෙනෙන අතර පුද්ගලයාගේ අවශ්යුතාවයන් වල ප්රෙමුකතාවය අනුව ඔහුව මෙහය වන ස්පර්ශ කල නොහැකි විද්යපමාන බල වේගයකි චිත්ත ධෛර්යය ඇති පුද්ගලයාටයයිග

4.අභිපේරණය /උනන්දු කරවීම.

තම කණ්ඩායමේ සාමාජිකයින් කණ්ඩායමේ අරමුණට ළගාවීම සදහා සිය කැමැත්තෙන්ම එම අරමුණ ඉටු කිරීමට යොමුවීම අභිපේරණයයි.මෙහි සාර්කත්වය පුද්ගලයාගේ හැකියාව හා අභිපේරනය මට්ටම රදා පවති.පෞද්ගලික අවශ්ය්තාවයන් (කායික හා මානසික)සපුරාලීමෙන් අභීපේරණය සිදු කල හැක.එහෙත් මෙම අභිපේරනය කාලයෙන් කාලයට හා පුද්ගලයාලගන් පුද්ගලයාට වෙනස් වේ.මේ ආකාරයෙන් විස්තර කෙරෙන අභිපේරනය පූධාන කොටස් 02 කි,එනම්
1. ධනාත්මක අභිපේරනය.
2. ඝෟ ෟනාත්මක අභිපේරනය.
ධනාත්මක අභිපේරණය යනුවෙන් දඅක්වෙන්නේ කිසියම් බල කිරීමකින් තොරව තම කුසලතා සහ ආකල්ප වර්ධනය කර ගැනිම පිණිස දුවය හා අවස්ථා (වැටුප් හා උසස්විම් හා පහසුකම්)ආදිය ලබා දීම සිදු කරනු ලබන අභිපේඍණයයයි.
ඝෟෟනාත්මක අභිපේරණය වන්නේ කිසියම් බලකිරීමකින් යුතුව දඩුවම් ලබා දීමෙන් තම කාරෟයයන් ඉටු කර ගැනීම.
තම අරමුණු ඉටුකර ගැනීමට යාමේදි ධනාත්මක අභිපේරණය කිරීමෙන් ඉතා සාර්ථකව තම කාර්යය ඉටුකර ගැනීමට පුලුවන.

Tuesday, July 7, 2009

3.නායකත්වය සතු ගුණාංග

නායකත්වය දරණ පුද්ගලයකු නිවැරදිව හා සාර්ථකව තම කණ්ඩායම මෙහයවීමේදී වර්ධනය කර ගතයුතු අංගයන් මෙහිලා ගැනේ.මෙම ගුණාංගයන් වර්ධනය කර ගැනීමෙන් තම නායකත්වය වර්ධනය කර ගැනීමට පුළුවන.එම ගුණාංගයන් කිහිපයක් පහත දැක්වේ.

1. තම කණ්ඩායම මෙහයවීමේදි ප්රිසස්ථව හා ආචාර ශිලීව මෙන්ම උද්යෝගිමත්ව.
2. ධෛර්ය සමිපන්න වීම.
3. පවතින තත්වයට ගැලෙපෙන පරිදි සුදුසු තීරණ ගැනීම.
4. තම කණ්ඩායමේ තමා කෙරෙහි දැඩි විශ්වාසයක් තිබීම.
5. කායික හා මානසික අපහසුතාවයන් විදදරා ගැනීමේ හැකියාව තිබිම.
6. යම් කාර්යයක් කිරිමේදි එය කෙරෙහි උපරිම උත්සහයෙන් යුතුව කටයුතු කිරීම.
7. තම කණ්ඩායමට විය යුතු දේ කුමක් දැයි යන්න පිළිබදව සොයා බලා සිදු කිරීමේ හැකියාව.
8. සෘජු නිවැරදි තීරන ගැනීමේ හැකියාව තිබීම.
9. තර්කාණුකූල වුත් අපක්ෂපාති වුත් සුදුසු තීරන ගැනීමේ හැකියාව තිබීම.
10. වෘත්තීමය වශයෙන් තම කන්ඩාය‍ම් කාර්යයන් පිළිබදව මනා දැනුමක් තිබීම.
11. තම දේශයට පක්ෂපාතිව කටයුතු කිරිම.
12. උපායශීලිව කටයුතු කිරීමෙි හැකියාව.
13. ආර්ථමාර්ථකාමි නොවීම.

මේ ආකාරයෙන් දැක්වෙන ගුණාංග අනුගමනය කිරීමෙන් සාර්ථක නායකයකු විය හැක.

2.නායකත්ව සංකල්ප

යම් ජන සමූහයකගේ විශ්වාසය,ගෞරවය ,කීකරුකම හා සුහදතාවය ආරක්ෂකාකර ගනිමින් ඔවුන්ගේ සිතුවිලි හා සැලසුම් කියාත්මක කිරීම සදහා ඔවුන් මෙහෙය වීමට යම් පුද්ගලයකු ලද්දාවු කලාත්මක වූත් විද්යා ත්මක වූත් වරප්රකසාදයකි.
නායකත්වය යන්න මේ ආකාරයෙන් විස්තර කර තිබුනත් ඒ පිළිබදව විවිධ අර්ථකතන දක්නට ලැබේ.ඒ අතරින් කිහිපයක් පහත දැක්වේ.
1. “නායකත්වය කළමනාකරණ ක්රිදයාවලියකි.”යන්න සංකල්පයකි.
2. නායකත්වය පුද්ගලයාලගේ චරිතය හා හැකියාව මත ගොඩනැගුවකි.
3. ශ්රේ ෂ්ඨ පුද්ගලයින්ගේ චරිත අධ්යා”පනය තුලින් ලබා ගන්නා වු ආදර්ශයක් මත ගොඩනැංවුවකි.

එහෙත් මෙම නායකත්වය සංකල්ප කිසිවක් නිවැරදි නායකත්ව සංකල්ප ලෙස සෘජුවම ගැනිය නොහැක.කෙසේ නමුත් හමුදාවක නායකත්වය ඒකාධිකාරි ස්වරූපයක් උසුලයි.යුධමය කටයුතු වලදි ඉතා ඉක්මනින් ප්රකමාදයකින් තොරව කිරිම නොකලහොත් පරාදයන්ට මුහුණදීමට සිදුවන බැවින් මෙම නායකත්වයේ ඒකාධිකාරය හමුදාවන්ට ලැබී ඇත.එසේ නමුත් මෙම නායකත්වය පුද්ගල නිදහස නැතිකරන ඉතා දැඩි,කෲර අත්තනෝමතික එකක් නොවිය යුතුය.