Wednesday, October 7, 2009

8. සන්නිවේදන හැකියාව

නායකයෙකු තම කණ්ඩයෙම සාර්ථකව මෙහෙයවීමේ දී තම කණ්ඩායම සමග අදහස් හැගීම් හා තොරතුරු හුවමාරු කර ගැනීම ඉතා වැදගත්වේ.මෙසේ අදහස් අදහස් හැගීම් හා තොරතුරු හුවමාරු කර ගැනීම සංනිවේදනය වශවෙන් හැදින්වේ.
තම කණ්ඩායම මෙහෙයවීමේදී වාචික සන්නිවේදනය ඉතා වැදගත්වේ. නායකත්වයට තම කාලයෙන් 65% -75% ක් පමණ තම කණ්ඩායමට කථා කිරීමට සිදුවන බව පරීක්ෂණ වලින් සොයාගෙන ඇත. වාචික සන්නිවේදනයේදී කථා කිරීම හා ඇහුම්කම් දීම ඉතා වැදගත්වේ.
නායකයකු තම පණිවිඩය වාචිකව ඉදිරිපත් කිරීමේදී පහත සඳහන් කරුණුවලට අවධානය යෙමු කිරීමේන් එය සාර්ථකව සන්නිවේදනය කල හැක.
1. කථා කිරීමට අපේක්ෂා කරන දෙය පිළිබඳව මුලින්ම සිතා බැලීම හා එය සඳහා අවශ්යඑ තොරතුරු රැස්කරගැනීම.
2. කථාකිරීමේදී තම අනුගාමිකයින් වෙත අවධානය යොමුකර එමඟින් ඔවුන්ගේ ප්රයතිචාරය ලබා ගැනීමේ හැකියාව.
3. තම පණිවිඩයදීමට බලාපොරොත්තු වන සමූහයේ දැනුමට අනුකූලව හා ප්රගමාණයට අනුව සත්යල ප්රකකාශ කිරීම.

Monday, October 5, 2009

7.මානව සම්බන්ධතා

නායකත්ව කළමණාකරනයේදී මූලික මානව ගති ලක්ෂණ කෙරෙහි අවධානය යෙමුකොට ඒවා අධ්‍යනය කර ඔවුන් හා විවිධ අවස්ථාවල එක්ව හැසිරීමේ ක්‍රියාවලිය මානව සම්බන්ධතාවයයි.මෙය වැඩිදුර අධ්‍යනය කිරීමේදී අප ඉතා සැලකිලිමත් විය යුතු මූලික කරුණු කිහිපයක් ඇත.
එනම්‍‍’
1. මිනිසුන්ගේ මූලික ගති ලක්ෂණ හදුනා ගැනීම.
2. මිනිස් සම්බන්ධතා පිළිබඳව දැනගැනීම.
3. මිනිසුන්ගේ විවිධත්වයන් අවබෝධකර ගැනීම.
4. මිනිසුන්ගේ අවශ්‍යතා (ප්‍රාථමික / ද්විතීයික) පිළිබඳ දැනගැනීම.
5. මිනිසුන් අභිප්‍රේරණය කළහැකි විධි දැන ගැනීම.
6. නායකත්වයට ප්‍රවිශ්ට විය යුතු ආකාරය දැන ගැනීම.

ඉහත කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් මානව සම්බන්ධතා පැවැත්වීමෙන් සාර්ථක මානව සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට හැකිවේ.
තම අරමුණු සාර්ථක කර ගැනීමට හැකි වන අතර චිත්ත ධෛර්යය නොමැති පුද්ගලයාට අපහසු වේ.මෙහිදි අදිෂ්ඨාන ශීලිබව,නිර්භිතබව හා ඥාණාන්විතබව ඉතා වැදගත්වේ.

උසස් චිත්ත ධෛර්යයක් ඇති පුද්ගලයා තුල ගුණාංග කිහිපයක් දැකීමට පුලුවන.ඒවා පහත පරිදි වේ.
1. උද්යෝගීබව
2. විනයගරුකබව
3. ආත්ම විශ්වාසය
4. සෑහීමකට පත්වීම

මේ ආකාරයට කාර්යන් වල නිරතවීමෙන් චිත්ත ධෛර්යය මනාව ගොඩනගා ගත හැක.