Monday, October 5, 2009

7.මානව සම්බන්ධතා

නායකත්ව කළමණාකරනයේදී මූලික මානව ගති ලක්ෂණ කෙරෙහි අවධානය යෙමුකොට ඒවා අධ්‍යනය කර ඔවුන් හා විවිධ අවස්ථාවල එක්ව හැසිරීමේ ක්‍රියාවලිය මානව සම්බන්ධතාවයයි.මෙය වැඩිදුර අධ්‍යනය කිරීමේදී අප ඉතා සැලකිලිමත් විය යුතු මූලික කරුණු කිහිපයක් ඇත.
එනම්‍‍’
1. මිනිසුන්ගේ මූලික ගති ලක්ෂණ හදුනා ගැනීම.
2. මිනිස් සම්බන්ධතා පිළිබඳව දැනගැනීම.
3. මිනිසුන්ගේ විවිධත්වයන් අවබෝධකර ගැනීම.
4. මිනිසුන්ගේ අවශ්‍යතා (ප්‍රාථමික / ද්විතීයික) පිළිබඳ දැනගැනීම.
5. මිනිසුන් අභිප්‍රේරණය කළහැකි විධි දැන ගැනීම.
6. නායකත්වයට ප්‍රවිශ්ට විය යුතු ආකාරය දැන ගැනීම.

ඉහත කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් මානව සම්බන්ධතා පැවැත්වීමෙන් සාර්ථක මානව සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට හැකිවේ.
තම අරමුණු සාර්ථක කර ගැනීමට හැකි වන අතර චිත්ත ධෛර්යය නොමැති පුද්ගලයාට අපහසු වේ.මෙහිදි අදිෂ්ඨාන ශීලිබව,නිර්භිතබව හා ඥාණාන්විතබව ඉතා වැදගත්වේ.

උසස් චිත්ත ධෛර්යයක් ඇති පුද්ගලයා තුල ගුණාංග කිහිපයක් දැකීමට පුලුවන.ඒවා පහත පරිදි වේ.
1. උද්යෝගීබව
2. විනයගරුකබව
3. ආත්ම විශ්වාසය
4. සෑහීමකට පත්වීම

මේ ආකාරයට කාර්යන් වල නිරතවීමෙන් චිත්ත ධෛර්යය මනාව ගොඩනගා ගත හැක.

No comments:

Post a Comment